Thursday, 25 December 2014

වැස්සට නොතෙමුනු කමටහනක්

මහා වැස්සෙන් බේරෙන්නට 
ඉහලූ කුඩය යට
සිල් සුවඳින් තෙත බරිත වූ 
සුදු වත 
හැඳි රුව 
දිටිමි.
පින් කල නිසාද පව් කල නිසාද,
දික් වුයේද සසර 
කෙටි වුයේද,
දැහැන් ගත වූවාද
සිල් බිඳුනේද?
නොදනිමි. 
නතර විය 
ඇය ළඟ  
සිත. 


5 comments:

  1. ඇය යනු
    රූප කලාපයක්,
    දිටිමි
    ඇස සහ සිත
    ඇති නිසාවෙන්,
    දුරත් නෑ සසර
    නොතෙමුන කමටහන
    තුලින් බැලුවොත්

    ReplyDelete
  2. You have put the first line as title and the title as the first line here. Typical.

    ReplyDelete
  3. Agree with Anonymous - For me it would've been great if the title was the first line and and without this first line at all as its too superficial to the rest

    ReplyDelete
    Replies
    1. it's corrected now. malinda is famous for typos :)

      Delete
  4. Please post some more sinhala verse of yours. This is so beautiful...

    ReplyDelete