මගෙ රටේ හදගැස්ම ..
පව්වක බිඳෙනරළ ලෙස
විසිරෙයිහිරිකඩට, ගීයකට
හඬා ගෙන බසී සැඩපහරක
මෝසමෙහිඉදිමුණ ගංගා දිගේ ..
ඉතාමත් සෙමෙන්ගිලිහෙයි වරකට ..
පිණි බිඳක්මෙන් ..
බෝ රුකක පත්අගින්..
මගෙරටේ හදගැස්ම
අනුරාවයයි බෙරහඬක,
පා හඬෙහිකස්තිරමක
සුරල් වීවැගිරෙයි
උඩැක්කිතම්මැට ගැටබෙර මතින්
පතා කරණමක් වී
පෙනෙයි
පෙරහැරමාවතෙහි
බැතිබර
මගේ රටේ හදගැස්ම
සෑම හී කැටය කම
හීවැල දිගේනිවසයි
සැරි සරයි
කෙතක හීයක්හාන ගොවියෙකුගෙ
නොසැලෙන අඬහැරයක පිටේ
නෙලුම් කවියකනටයි..
රැලපනාවක වැටිඅතර
ගංගොඩක දූවිලිසමග
ඉඩෝරය මුදුන්දිනවල නගී ඉහළට
රෑබෝවන විටදිතැන්පත් ව
පළමු ඉරුරැසින් ඇහැරියි
මගෙ රටේ හදගැස්ම
පැදියෙහි දගැදියෙහි ද කැටිව ඇත
පහණ මත කොටාඇත සෙල් ලිපිය
වසයි බඩරස්සාවේ දිවි විතරෙහි
කැවී ඇත ජනවිඤ්ඤාණයේ
මගෙ රටේ හදගැස්ම
නොපරදිනවිකුම් කවියකි
අන් සෑම රටකමෙනි
දිනුමෙන්පැරදුමෙන් ගෙතී ඇති
කොල්ලයෙන් දානයෙන්
ප්‍රයෝගයෙන්ලාලසාවෙන්
රුහිරුදහරක-දයාලූ බවක
මහ වංසකතාවක-රජුන් රැජිණියන්ගැන
මිනිස්සුසිදුවීම් ගැන
කතා එකතුවකිඑය
කොටා රජු යටත්කළ
කෝට්ටය වට කළ
උවදුරුසංසිඳුනු
මගෙ රටේහදගැස්ම
තාදී ගුණයෙන්යුතුය
පවුරකට හිර කළහැකි
නපුරු රජකෙනෙකුට
ආක්‍රමණිකසපත්තුවකට
චප්ප කර දැමියහැකි
වැනසිය නොහැකිතරමට
ඉසියුම් තාදිගුණ ඇති
මගෙ රටේ හදගැස්ම
අදිටනකිදුකින් මිදුමට
සිනාවක වසාඉති ඉති
පිය නගා යාහැකි
දානය පිසෙනතැන් එයින් ළිප ගිනි නැගෙයි
වසරකට දෙවරක්දුප්පත්ම පැලකත්
කිරිබත් මවයිඅලුත් අවුරුද්ද ට
මගෙ රටේ හදගැස්ම
සතුටින් දකඳුලින් ද පැන නගියි
දුම් දමන තේකහට කෝප්පෙක
රතුපාට බුලත්කෙළ පාරකින්
රා මදින මාමාගේ ජවුසමේ
මාදැලට බරවුනදැලකරුගෙ ඉහිලුමේ
බෙන්තර ගඟෙන්එපිටහ
ව්‍යවසායකයෙකුගෙසූර නුවණේ
වෙණෙඳෙක්ගෙහිත දිනන මතුරේ
අර්ධද්වීපයෙන්එන
මෘදුමිනිසුන්ගේ කරුණාවේ
ගිනිපාගනබැතිමතෙකුගෙ
හද විස්වාසයේගිහිණී
වේල් කරත්තයකකොකුවලින් ඇමිණී
මගෙ රටේ හදගැස්ම
පෝ දිනට මළගෙයට සුදුපෑය
මැයි දිනේරතුපාට
ඡන්දයට බහුපාට
කළුපාට දිනයන්ද උදා වෙයි
කඳුලෙන් මපෙඟී ගිය
සවස් කල්එලැඹේ
මරණ වැනසුම්අංගඡේදන
නමුත් එය කල්කතවරන
මැහුම් මත
අසාධ්‍යකැපුම් වල
වැළඳ ගන්නටයොමන ගීයකි
බවුන් වැඩුමටකෙරෙන අනවරත ඇමතුමකි
සිරිපා හිමේඝණ්ඨා නාදයේ ඇසෙන්නේ
මගේ රටේ හදගැස්ම
පිරිත්පිරුවානයක සගසැපත් සාදන
තුරු සමග ඇයිහොඳයි සාද සාමීචීයෙ යෙදෙන
දෙවි නැමදුමටගෙන්වන 'අල්ලා හු අක්බර්'
පල්ලිකන්තාරුවක වෘන්දයක
කෝවිලක පූසාරිකෙනෙක්
ශ්ලෝක පුරවනහඬක
මගෙ රටේ හදගැස්ම
වෙසෙස් කොටකිව නොහැකි
එයින් මටසතුටක් දැනෙයි
එය විකිණෙනුදකින
පැතුමක් මසිතනැතියෙන්
සීමා පනවමින්,රේඛා මායිමින්
දැදුරුකරවමින්,හකුළුවා වියළමින්
හදගැස්ම ගීගයන
රටක මා දිවිගෙවමි
සමහර විටෙකඅන් අයත්
එයින් හද පණලබයි
එයින් මට පණලැබෙයි
ආන ආපානයට ඉඩලැබෙයි
එයින් මාමනදොළ පිරෙයි.
'The heartbeat of my country' මැයෙන් මා ලියු කවිය මෙලෙස අපූරුවට සිංහලය නැගුවේ මා මිත්‍ර හෂිත අබේවර්ධන ය.
No comments:
Post a Comment