Friday, 29 April 2016

පසන් කොඩිකාර





















ආවා ගියා ද 
ගිහින් ආවද  
මෙහේම හිටියද 
තවමත්
ඇවිත්
නැද්ද?

ඒ කෙසේ වෙතත්... 

හීන් ම හීන් හඬකි 
ඇසුන නෑසුන 
සුවඳකි 
අතැඟිලි අතරින් ගිලිහෙන 
රසදියරකි 
දැනෙන නොදැනෙන ස්පර්ශයෙන් 
නොමැකෙන දෑ  කළ.


පිටස්තරයෙකි පිටුවහල් කළ 
හැඳුනුම් පතක් නොමැති 
නන්නාඳුනන හිතවතෙකි 
නේවාසිකයෙකි 
අනේවාසිකකම් කියා දෙන  
          ජීවිතයේ 
          ගීතයේ 
          වචනයේ           
          වීදියේ 
          ප්‍රේමයේ.
නික්මයාම තුල ජීවමානයි 
පරාජිතයි ඔහු අප පැරදුන බැවින් 
පිබිදී සිටී අප  අවදි කළ  බැවින්
තවමත් අසල්වාසියෙකි  
විශ්වාස කළ සත්‍යයන් ද 
අවතැන් වීම වෙනුවෙන්ද 
පෙනී සිටි බැවින් 
දෛනික සිපිරිගෙදරින් 
පලා  ගොස් 
තහනම් දේශයේ සිත් සේ 
මං පෙත් හෙළි කළ බැවින්  
මළවුන් අතර ජීවත් වූ බැවින්  
මියගොස් ජීවිතයට වරමක් 
දිනාගත් බැවින් 
කළු-සුදු විශ්වයකට  
වර්ණ වත් කරයි 
හීන් ම හීන් හඬකින් 
සුවඳකින් නම් කල නොහැකි.   

1 comment:

  1. නික්ම ගිය පසු
    වඩා දැනුනාදැයි
    නොදනිමි
    ජීවත්වන්නන්ට ...

    එහෙමනම්
    සැබවින්ම
    ඔබ ලියු ලෙස
    එයයි

    අපරිමිත වු
    සියුම් වු ස්පර්ශය
    හදවත් විනිවිද
    පතුලටම
    කිදාබැස තිබෙන...

    ReplyDelete