Banner

Banner
Showing posts with label Faiz Ahmed Faiz. Show all posts
Showing posts with label Faiz Ahmed Faiz. Show all posts

Monday, 22 January 2018

තුවාල පිපෙන සමයක රෝස මල්

ඔබ! 
ඔව්, කරපටි ඉරා දමන ලද
කමිස හැඳ සිටින ඔබ ට යි මෙය !


       එය පැමිණ ඇත
       දැවැන්ත නිසොල්මන
       නිහැඬියා වේ අස්වැන්න සමග

       සියළු තොල් පෙති මසා දමා ඇත
       ඇතැම් තුවාලත් එසමගම

ඉතින් අරගලකරුවනි
මාගේ මිතුරනි
      මල් බඳුන් පුරවන්න පැනින්
      වසන්තය පැමිණ ඇත

      තුවාල පිපෙන මෙසමයේ
     
      අවසර ලැබේ වී
      රෝස මල් වලට ද

(ෆෙයිස් අහ්මඩ් ෆෙයිස් ගේ කවියක්. අඝා ශාහිඩ් අලී ගේ ඉංග්‍රීසි පරිවර්ථනය ඇසුරිනි)