පවන තැවරුවාවේ පාට
බලා සිටින මල් වල
විවර කරනු ගබඩා
සායම් සඟවා ඇති
ප්‍රේමය දැන් පැමිණෙන්න
පොරොන්දු වූ වසන්තය අරඹන්න
සිරකුටි තුල වැලපුම් ය
මිත්‍රවරුනි කුමක් හෝ කියන්න
කතා කරන්න
අද
දෙවියන්ගේ නාමයෙන් හෝ
අවසර දෙන්න එන්න
කූඩුව තුලට ඇගේ නම ට
ඔබේ දෙතොල් අගින්
අරුණ උපදවන්න
එක් වරක් හෝ
සුවඳින් පිරුන දෙන්
ඔබේ කෙස් රොද මුදවා ලන විට
සැපැත් වන රාත්‍රිය
මගේ හදවත දුප්පත් ය
මතක් කල යුතු නැත
බලාපොරොත්තු වේ ඉසුරු එය තුලම ය
ඔබේ නම ඇසෙන විට
නැවත පැමිණෙන්නෙමි මම
නැවතත් ඔබේ දුක
බෙදාගන්නා වන්නෙමි
වේදනාව කුමක් වුවත්
එහි හැම මොහොතම ඉවසුවෙමි
ශෝකයේ රාත්‍රිය හීන වූයේ නැත
ඔබ හැමදාම වෘතාන්තයකි
මරණයෙන් පසුව ද
කඳුල ම එය සහතික කළේය
පැතුම් ප්‍රාසාදයට ඇය යන්නීය
ප්‍රේමවන්තයින්ගේ ලෙජරයේ
ඉතිරි කව්ද යන්න විමසන්න
අප එහි සිටින්නෙමු
ඉරා දමා ඇති කමිස පැළඳ
ලිහිය නොහැකි
දඩබ්බර ගැටවලට
බැඳ දැමුවේ අප ම ය ඒ කෙඳි
සමුගනීමෙන් අනතුරුව අහෝ ෆෙයිස්
ඔබව නතර කල හැකි කිසිවක් නොතිබිණ
අපේක්ෂාව ට සරිලන කිසිවක් නොතිබිණ කොතැනක වත්
ඝාතනයේ නිජබිම් වෙත ඔබ ඍජුව පා නැගුවේ
ඇගේ මාවතේ සිට
පෝරකයට ද නැග්ගේය ඔබ
ගහලයාගේ බාහු අතරේ අතුරුදන් විය ඉන් පසු
(ෆෙයිස් අහ්මඩ් ෆෙයිස් ගේ කවියක්. අඝා ශාහිඩ් අලී ගේ ඉංග්‍රීසි පරිවර්ථනය ඇසුරිනි)