Banner

Banner

Friday 16 January 2015

සර්වසුභවාදියා

කුඩා කල ඔහු 
මැස්සන්ගේ පිහාටු කඩා දැමුවේ නැත,
බළලුන්ගේ නැටි වලට ටින් ගැට ගැසුවේද නැත,
කුරුමිණි සතුන් 
ගිනි පෙට්ටි වල
සිර කලේද නැත.
ඔහු ළමාවිය පසු කළේය
වැඩිහිටියෙක් වූ පසු
මේ සියල්ල ඔහුට විඳින්නට සිදුවිය.
මරණාසන්න වූ විට 
මෙසේ ඉල්ලීමක් කළේය ඔහු:
කියවන්න කවියක් 
හිරු ගැන 
මහා සාගරය ගැන 
නියුක්ලියර් රියක්ටරයක් ගැන
චන්ද්රිකා ගැන 
දැවැන්ත වූ මනුස්සකම් ගැන. 


[මතක හැටියට තුර්කි ජාතික නෂීම් හික්මට් ගේ කවියක පරිවර්තනයකි ]

No comments :

Post a Comment