Banner

Banner

Monday 21 September 2015

පොත් ප්‍රදර්ශනය

ගියෙමි මමද
සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත
ගිනිගත් සඳුදාවක
සල්පිල් විමානයක් ය එය
කෑමට බීමට ම කැපවුණු
එහෙන් මෙහෙන් පොත් කඩද තිබෙන
එවන් කතාවන් අසා තිබිණ.
සෙනග!
දස දහස් ගණන් තෙරපෙන
තෝරන
තෝරා ගත් පසු
පොටෝ ගසන
පොටෝ ගැසූ පසු අප්ලෝඩ් කරන.
ගියෙමි
දිටිමි
කවි පොත් සල්පිලක්
මුළු පරිශ්‍රය පුරා විහිදුනු
කිවිඳුන් කිවිඳියන් බොහෝ විය එහි
කවර අතර
නිහඬ මිනිසෙක් ද විය
පොත් ලියන
පොත් ගසන
ගසා නොකන බැවින්
ගසා කැවෙන,
කවි කතා ගෝචර නොවන කවියෙක් ද විය
පාඨකයෙක් ද විය මා වන්
ඔහු සමග දොඩමලු වූ
සංතෘප්ත වූ
මහා පොත් ප්‍රදර්ශනයෙන්.

1 comment :

  1. ලස්සනයි මෙය 'The Book Fair' ඉංග්‍රීසි කවටත් වඩා. ඉතාමත් !

    ReplyDelete