Banner

Banner

Wednesday 20 January 2016

හිස්තැන්

පියසටහන් පිපාසයෙන් බිඳෙන මාවතකි
කටහඬක් නොමැතිව වැලපෙන ගීයකි
පියාපත් එන තුරු මග බලන කුරුල්ලෙකි 
කවකට නොනැගු වදන් පෙළකි
ආලෝකය අධික බැවින් නොපෙනෙන එළියකි
රස බලන්නෙකු නැතිව සිඳෙන චොකලට් ගඟුලකි
මත්බව යදින මිදී පොකුරකි
රටවැසියන් දෙදෙනෙකු සොයන 
රටක් ලෙස නම් නොවුන බිම් අඟලකි.

2 comments :

  1. I think this would be nicer if you interchange the last two lines. More rhythmic.

    ReplyDelete
  2. you are correct. changed. thanks!

    ReplyDelete