Banner

Banner

Tuesday 23 January 2018

හිස්තැන්

පා සටහන් නොමැතිව බිඳෙන මාවත් ඇත
ගීයක් හඬා වැටේ කටහඬක් නොමැතිව
කුරුල්ලෙක් එනතුරු අත්තටු බලා සිටී
කවියට නොනැංවූ වචන අතන මෙතන
ආලෝකය වැඩි නිසාම නොපෙනෙන එළියකි
දිවක් තොලක් නැති නිසාම දියවෙන චොකලට් ද ඇත
මත්වෙන්න යදින මිදි පොකුරකි
අපේ සියළු ලෝක වල
එක් කොනක රටකි
පුරවැසියන් නැති.

1 comment :

  1. මුළු ලෝකයම හිස්තැනක් කරගත් අයද වෙති ඒ අතර.
    කැමැත්තෙන්ම.

    ReplyDelete