Banner

Banner

Thursday 26 April 2018

මැයි දිනය අදයි

වැරදීමක් ද? නැත!
අද,
බක් මස විසි හය වැනි දා
අදයි මැයි දිනය
අද මෙන් ම
දුරුතු මස පළවැනිදා ද
උඳුවප් මස තිස් එක් වැනි දා ද
ඒ අතර සෑම දිනයක් ම
මැයි දිනය වේ!
ටජ්මහල සාදා නිම කලේ ද
පිරමීඩ මෙන්ම රුවන්වලිය ද
ශාන්ත පීතර ගේ බැසිලිකාවද
මැයි දිනයක ම නිම විය;
වෙල්ලස්සේ සියදහසක් වැව් අමුණු ද
න්‍යෂ්ටික බලාගාර ද
මල්ටි බැරල් තුවක්කු ද
පළමු ඇනයේ සිට
අලවියෙන් පසු සේවය දක්වා ද
රක්ෂණ අළවියද
නීත්‍යානුකූල ව සාක්කුවට විදීමද
හදවත් පැහැරීම් ද
රැවුම් ගෙරවිලි තැවරුණු සමච්චලයද
රත් වූ වද රතු නොවන
දිනයක් වසරක් තත්පරයක්
නමක් ගමක් නොමැති නිශ්චිත
එහෙත් මැයි දින වලටම අනන්‍යය --
මැයි දිනය අදයි
"හාන පෝරු ගාන
වී වපුරන වෙල් යායක
සටන් පාඨ වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර
උදේ සවස වැඩට යනෙන කෝච්චියක"
ශ්‍රමයේ ඵලය
පල පල දෙන
මැයි දිනය අදයි
වැරදීමක් නොවේ මෙය.

1 comment :