Banner

Banner

Monday 20 April 2020

අක්බාර් පාලම












පරපුරෙන් පරපුරට පොදු වූ
එනමුත් අද්විතීය යැයි සිතන 
ආදරය, අනාදරය
රැවටිල්ල පැටලිල්ල
හොඳට දන්නා අක්බාර් පාලම
දෙඩවුයේ නැත මා සමග;
එදා මෙන් අදත් එලෙසම නිහඬව
ඓතිහාසික නිශ්චිත කම
සහ පැවැත්මේ තර්කය මතම
දැඩිව, දැඩිවම සිටියා පමණි --
කෙඳිරිල්ලක්, හුස්මක්, සුගන්ධයක් ලෙස
හිරු කිරණ, මුරකාවල් සහ උකුසු ඇස් අතරින් 
වැළඳ ගැනීම සහ දියවීම වෙත
පිය නගන්නට ඇයට.

No comments :

Post a Comment