Banner

Banner

Tuesday, 20 February 2018

Tears without reason















From heart-trees
resin drawn from cut and sun
breath on a waiting window pain
escapees from grass blade --
they tell me
I've lost myself 
in the language of this world
gone from myself
and arrived
at a temple long abandoned
for lack of faith
and here I recline
to live out my hours
those rusted time-slivers  
cleaned of hurt-residue
showered with grace.

Friday, 9 February 2018

පව් සමා කිරීම

(මාගේ සහෝදරිය වෙත)

අවුරුදු ගණන් 
ඔබේ දෑසෙනි කඳුළු සැලුවේ 
මගේ දෙතොලිනි ඔබ 
පව් සමා කරගත්තේ 
එකිනෙකාගේ නම් අප ලියා තැබුවේ 
අපට හිමි නැති අත්‍ වලිනි 
ඉනික්බිතිව ගිවිස ගත්තෙමු 
තව බොහෝ කලකට 
හමුවිය යුත්තේ 
එකිනෙකාගේ සිහින තුල පමණක් බව.   

(ෆටේමෙහ් ශම්ස් ගේ කවියකි.  'When they break down the door' කෘතියෙනි)  

Tuesday, 23 January 2018

හිස්තැන්

පා සටහන් නොමැතිව බිඳෙන මාවත් ඇත
ගීයක් හඬා වැටේ කටහඬක් නොමැතිව
කුරුල්ලෙක් එනතුරු අත්තටු බලා සිටී
කවියට නොනැංවූ වචන අතන මෙතන
ආලෝකය වැඩි නිසාම නොපෙනෙන එළියකි
දිවක් තොලක් නැති නිසාම දියවෙන චොකලට් ද ඇත
මත්වෙන්න යදින මිදි පොකුරකි
අපේ සියළු ලෝක වල
එක් කොනක රටකි
පුරවැසියන් නැති.

Monday, 22 January 2018

තුවාල පිපෙන සමයක රෝස මල්

ඔබ! 
ඔව්, කරපටි ඉරා දමන ලද
කමිස හැඳ සිටින ඔබ ට යි මෙය !


       එය පැමිණ ඇත
       දැවැන්ත නිසොල්මන
       නිහැඬියා වේ අස්වැන්න සමග

       සියළු තොල් පෙති මසා දමා ඇත
       ඇතැම් තුවාලත් එසමගම

ඉතින් අරගලකරුවනි
මාගේ මිතුරනි
      මල් බඳුන් පුරවන්න පැනින්
      වසන්තය පැමිණ ඇත

      තුවාල පිපෙන මෙසමයේ
     
      අවසර ලැබේ වී
      රෝස මල් වලට ද

(ෆෙයිස් අහ්මඩ් ෆෙයිස් ගේ කවියක්. අඝා ශාහිඩ් අලී ගේ ඉංග්‍රීසි පරිවර්ථනය ඇසුරිනි)

ඝාතනයේ නිජබිම් වෙත...

පවන තැවරුවාවේ පාට
           බලා සිටින මල් වල

           විවර කරනු ගබඩා
           සායම් සඟවා ඇති

           ප්‍රේමය දැන් පැමිණෙන්න
           පොරොන්දු වූ වසන්තය අරඹන්න

සිරකුටි තුල වැලපුම් ය
          මිත්‍රවරුනි කුමක් හෝ කියන්න
          කතා කරන්න

          අද
          දෙවියන්ගේ නාමයෙන් හෝ
          අවසර දෙන්න එන්න
          කූඩුව තුලට ඇගේ නම ට

ඔබේ දෙතොල් අගින්
         අරුණ උපදවන්න
         එක් වරක් හෝ

     
 සුවඳින් පිරුන දෙන්
         ඔබේ කෙස් රොද මුදවා ලන විට
         සැපැත් වන රාත්‍රිය
       
මගේ හදවත දුප්පත් ය
        මතක් කල යුතු නැත
        බලාපොරොත්තු වේ ඉසුරු එය තුලම ය

        ඔබේ නම ඇසෙන විට
        නැවත පැමිණෙන්නෙමි මම
     
        නැවතත් ඔබේ දුක
        බෙදාගන්නා වන්නෙමි

වේදනාව කුමක් වුවත්
       එහි හැම මොහොතම ඉවසුවෙමි

       ශෝකයේ රාත්‍රිය හීන වූයේ නැත

       ඔබ හැමදාම වෘතාන්තයකි
       මරණයෙන් පසුව ද
       කඳුල ම එය සහතික කළේය
     
පැතුම් ප්‍රාසාදයට ඇය යන්නීය
        ප්‍රේමවන්තයින්ගේ ලෙජරයේ
        ඉතිරි කව්ද යන්න විමසන්න

        අප එහි සිටින්නෙමු
        ඉරා දමා ඇති කමිස පැළඳ

        ලිහිය නොහැකි
        දඩබ්බර ගැටවලට
        බැඳ දැමුවේ අප ම ය ඒ කෙඳි

සමුගනීමෙන් අනතුරුව අහෝ ෆෙයිස්
        ඔබව නතර කල හැකි කිසිවක් නොතිබිණ
        අපේක්ෂාව ට සරිලන කිසිවක් නොතිබිණ කොතැනක වත්

        ඝාතනයේ නිජබිම් වෙත ඔබ ඍජුව පා නැගුවේ
        ඇගේ මාවතේ සිට

        පෝරකයට ද නැග්ගේය ඔබ
        ගහලයාගේ බාහු අතරේ අතුරුදන් විය ඉන් පසු

(ෆෙයිස් අහ්මඩ් ෆෙයිස් ගේ කවියක්. අඝා ශාහිඩ් අලී ගේ ඉංග්‍රීසි පරිවර්ථනය ඇසුරිනි)

Monday, 15 January 2018

Cinderella*

At a moment unexpected
when the clock midnight struck
the slipper of hope
held close to heart
I waited
and waited
for ages


Dreamed 
sweet dreams
of your arrival
tomorrow
if not today

When you do come
the slipper 
for me
would be

too small

[Translation of a poem by our late friend Indika Gunawardena, by way of tribute; original, given below]


සින්ඩරෙල්ලා 

ජීවිතේ 
නොසිතූ මොහොතක 
රෑ දොළහේ කනිසම වැදුනාම 
බලාපොරොත්තුවේ සපත්තුව 
හද ළඟ තියාන 
බලා හිටියා 
කල්පයක් විතර 

දකිමින් 
සොඳුරු 
සිහින 
එතැයි 
අද 
නැත්තම් 
හෙට 

ඔබ මෙහේ එනකොට 
සපත්තුව 
පොඩි වැඩියි 
මට 

Saturday, 13 January 2018

Fawning



And if tails we had


by now


just by wagging


without pause


they’d have fallen off


for sure.






[Translated by way of tribute to our late friend and poet Indika Gunawardena. Original below]










නිවටකම






නැටි


තිබුණනං


අපට






වනල


වනලම


කැඩිල


මෙලහට