Banner

Banner

Saturday 24 September 2011

A koan untouched by a tropical storm


වැස්සට නොතෙමුනු කමටහනක්
 

මහා වැස්සෙන් බේරෙන්නට
ඉහලූ කුඩය යට
සිල් සුවඳින් තෙත බරිත වූ
සුදු වත
හැඳි රුව
දිටිමි.
පින් කල නිසාද පව් කල නිසාද,
දික් වුයේද සසර
කෙටි වුයේද,
දැහැන් ගත වූවාද
සිල් බිඳුනේද?
නොදනිමි.
නතර විය
ඇය ළඟ 
සිත.

No comments :

Post a Comment