Banner

Banner

Monday 8 June 2015

බෝනික්කන්ගේ කතාවක්*

දොර ඇරෙන්නේ 
තට්ටු කරන්නන්ටම නොවේ
දැන හැඳුනුම්කම  වරමකි
නෑකම  අවසරයකි
ඉතින් පැමිණෙති
ගොදුරු කර ගනිති
ගනිති ගනිති ගනිති

හැඩුම් නාඳුනන
පුංචි බෝනික්කෝ
මුල්ලක  වී
වකුටු වී
මැරෙති
මැරෙති
මැරෙති.


*සේයා, විත්‍යා සහ අනෙක් දියණියන් සිහිකරමින් 

No comments :

Post a Comment