Banner

Banner

Saturday 13 June 2015

රියදුරු කාමරයේ මම

12.43
පස් වරුවක.

හුරු පුරුදු
නෝක්කාඩු
සුලබ විහිළු
ඇමතුම්
පිටවීම්
වාහන සද්ද
ඒයි ඕයි
අඩෝ මචං
මෙහෙ ට වර
පල
කුණුහරුප සමග
අභිනිෂ්ක්‍රමණය කර ඇති
ආයතනික තහනම ක
අතුරු කතාවකි.

සීතලක මායාව මවන්නට
ඇස්බෙස්ටොස් උණුහුමක්
කරකවන විදුලි පංකාව,
ඉහිරුනු තේ කහට පැල්ලමින්
විචිත්‍ර වූ මෙට්ට
උඩු කය බැහැර කල කමිස
සිය දිවි හානි කරමින්
බිත්ති වල තැන තැන
මංමුලාවුණ ගිනිකූරු
කොසු නොමැති පොලවේ
අළු දුහුවිලි මත
වැතිරුණ
කාර්යාලයකි
සර්වසම්පූර්ණ වූ.

ඉතින් මම
රියදුරු ලෙස
කතෘ ගේ රිය පදවන
තුන්-සාමාජික වෘත්තීය සමතියක 
සාමාජිකත්වයේ අවසරින්
පලා ගිය මිතුරන් ද
ඔවුන් ට එපාවුණ
මාවත් ද සොයමින්
කහ ඉර නොහඳුනන මිනිසුන්
එලවමින් පසෙකට
මොහොතකට ඉඩ දුනිමි
පිනි බින්දුවක සිරවුණ
එන්නට
ලැඟුම් ගන්නට
නිදි කරවන්නට.

3 comments :

  1. ගද ගසන
    ඒසී කාමරෙන්
    නික්මෙන්නට
    ආසයි
    පහළ
    පේමන්ට් එකට,
    නැතිනම්
    රියදුරු
    නවාතැන්පලට

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අහුමුලු වල සැගවුන
    දුහුවිල්ලට අරුතක් දෙමින් කවියේ මේ වෙනස හරිම අපුරුයි.

    ReplyDelete