Banner

Banner

Monday 15 June 2015

හපුකුම්බුරේ වැවේ ඉතිහාසයන්

ඇතැම් ඉතිහාසයන්
සැඟවුණු
වෙනත් නම් වලිනි
මතුවන්නේ
හපුකුඹුරේ වැවේ 'රජ සොරොව්ව' මෙන්,
පරම්පරාවෙන් පරම්පරාවට
නොවරදවා ම ගෙන ආ
උප්පත්තියේ ද ජීවිතයේ ද
මදිපුංචිකම් අපහාස මුසුවූ
රොන් මඩ ම ඉවත් කොට
මඩට ම යටවුනු
හෙම්බත්වී.

ඇතැම් ඉතිහාසයන් ජීවමාන වේ
තෑගී ඔප්පුවක පුවතක් මෙන්
කුමාරයෙකු ට උපහාර වන
අණසකින් ගම ද වාසගමද
ඡේදනය කල බැවින් --
සපුමල් ආවාද නැද්ද
ඔහු දැන සිටියේද නැද්ද
අදාල නොවුන.

ඇතැම් ඉතිහාසයන්
ගලන්නේ සීතලෙනි
මෝසම් වැහි අස්වැන්න මෙනි
උණුහුමෙනි යැදුම් බර
දූවිලි සහ සුසුමන් සේ
ඉරි තැලුම් තුරුළු කරන,
සර්පයා කැඳවන
විස දල ඉල්ලන.

ඇතැම් ඉතිහාසයන්
සඳහන් නොකරමු
දෙවියන්ට දී ඇති නම් මෙන්.


වියලි කලාපයේ එක ළඟ පිහිටි ගම දෙකකි පාලුගම සහ කැලේගම.  පාලුගම වෙසෙන කුඹල් ප්‍රජාවට අයත් වැවකි හපුකුඹුර වැව.  1992 වසරේ ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ මූලිකත්වයෙන් ඇරඹුන ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම වැවේ වෑකන්දේ කඩතොළු පුරවද්දී පරණ සොරොව්වක් මතුවිය.  පාලුගම ගම්වාසීන් ගේ විශ්වාසය හපුකුම්බුරේ වැව සපුමල් කුමාරයා විසින් කරවපු වැවක් බවයි.  මතු කර ගන්නා ලද සොරොව්ව 'රජ සොරොව්ව' යන නම ලැබිණ.

No comments :

Post a Comment