Banner

Banner

Friday 29 July 2022

අරගලයේ ඝනකම්

 


 

 

 

 

 

 

 

ආදරයෙන්ම පිරවූ බඳුනකි
වෛරයේ හලාහල විස බිඳු
එකතු වූයේ පසුවයි
ඒ ආදරණීය අරගලකරුවන්ද
ආදර වේශයෙන් ආ වෛරක්කාරයන් ද
සතුරා ද මිතුරා ද
මිතුරු වෙසින් ආ සතුරා ද
නොදනිමි
නොඅසමි
වෛරය ආදරයෙන් වෙලා ගත්තේ
ආදරයයි
ආදරයද ආදරයෙන් සිප ගත්තේ වෛරයයි
දියරයේ පැහැය වෙනස් වී ඇත
එහි සුවඳ ගිලිහී ගොසිනි
ආදරයද
වෛරයද
ආදරයේ නාමයෙන් වෛරයද
අමුවෙන්ම බඳුනට එකතු වේ
වඩා ගණකම් ආදරයද
වඩා ඝනකම් වෛරය ද
නොදනිමි!
නොඅසමි!

[ඇද කුද පෙන්වා දී වඩා සුමට ලෙස සංස්කරණය කළ මා මිත්‍ර සුනන්ද කරුණාරත්නට කෘතඥ වෙමි]

 

No comments :

Post a Comment