Banner

Banner

Friday 29 July 2022

ස්වර්ණවන්නියේ සයිමන්




 

 

 

 

 

 

 

එසේ සිදුවිය එය,
සයිමන්
වන්නි අම්මාගේ
තන් පුඩු තොලගාමින්
කැඳවුයේ සාරයයි මහා පොළොවේ
සභ්‍යත්වයන් පෙරළා
ජීවිතයේ පෙළයි නෙළුවේ
දඩයක්කරුවන් මෙන්ම බෝධිසත්වයන් ගැනද
යුක්තියේ රිසිවරුද
රිසිවරයන්ගේ අතපසුවීමද
දේශපාලනයද කවියද
පැවැත්ම සහ චලනයද
අපහාසයද ලක්වූවන්ද එයට
උරා බිව් ඔහු
මෙසේද සටහන් කළේය:
'වසලයාද බ්‍රාහ්මණයාද ඔබමැයි --
එබැවින් රිසි සේ ජීවත්වනු මැන
ස්වර්ණවන්නියේද සිදාදියේද,
අපැහැදිලි මෙන්ම පැටලුනු නිවෙස් තුල --
අසඩක් නොවේය මම.'

No comments :

Post a Comment