Banner

Banner

Friday 29 July 2022

මා තනිව සිටියදී




 

 

 

 

 

"මා තනිව සිටියදී මම මගේම මිතුරිය වෙමි" -- සිබිල් වෙත්තසිංහ

මා තනිව සිටියදී
කුඩා දැරියක්
නියරක් දිගේ දිව විත්
ඇලක් තරණය කොට
දෑතේ එල්ලී
සෙල්ලම් ගෙවල් සහ පුච්චපු කොස් ඇට වලින්ම සැදුනු  
තැඹිලි-දවස් වෙත කැඳවන්නී

තනිව සිටියදී
යුගයෙන් යුගයට යමි
කිසිදා මහළු නොවන දෑස් සොයමි
අත්තම්මාගේ ආදරය ද
අම්මාගේ ඔවදන් ද නෙලා ගනිමි
මැසිවිලි සහ කඳුළු අවසන
දැවටෙමි අහල පහළ
ඔවුන් ගේ දොර වැඩ වල
මා ඔවුන්ගේ ආරක්‍ෂිත දෑස් තුල

තනිව සිටියදී  මා
විදෙස් බල පත්‍රය වීසි කරමි කැළණි ගඟට,
හංවැල්ලෙන් ගුවන් ගත වෙමි
එකතු වෙමි උද්ඝෝෂණ, රැස්වීම් සහ පාගමන් වලට
තේ කඩවල අල්ලාප සල්ලාප අතර
ඈත අතීතයෙන් එන අනාගතයට උරුම
ආදරවන්තයින්, ආදරය සහ රාගය
පිරිමදිමි, සිත්තම් කරමි
 
තනිව සිටියදී මා
දොලගලක් වෙමි පෙරළෙන
පාපැදියක දම්වැලෙන් ඝර්ෂණය සොයා ගනිමි
මෙතෙක් නොදුටු
රවී-ක්ෂිතිජ රංගන   
රඟදක්වන තෙක්
ඉවසා සිටිමි.

No comments :

Post a Comment