Banner

Banner

Friday 29 July 2022

ඔබේ ඇද කුද


හිස් කැටපතක් සහ ඔබගේ විනාසකාරී ගති පැවතුම්
ඇතොත් එකිනෙක මුණ ගැසෙන මොහොතක්
ඇරඹෙනු ඇත එතැනින් නිර්මාණකරණය
එයම වේ කැටයම ද කලාවද

පුරුදු වන්නට මැස්ම
ඇවැසිය ඉරුණු රෙදිකඩක්
ඇඳුම් මසන්නා ට
යළි යළිත් කැපිය යුතු වෙය
රුක් කඳ
ඉස්තරම් වඩු කම් පිණිස

ඇවැසිය බිඳුණු අස්ථියක්
වෙදකම් පිණිස වෙදදුරුට
නැගෙනු වස් කිත් යසස්
ඇවසිය ඔබේ නෙක ඇද කුද

-- ජලාල්උද්දින් රූමි
(පරිවර්තනය:මාලින්ද සෙනෙවිරත්න. සංස්කරණය: සුනන්ද කරුණාරත්න)

No comments :

Post a Comment